Sunday, May 12, 2013

රියදුරු බලපත් ප්‍රායෝගික පරීක්ශණයේදී වැදගත් කරුණු.



පිරිසිදු ඇඳුමක් ඇඳ පිළිවෙලකට යන්න. මෙහිදී පිරිමි පාර්ශවය උඩුකයට සුදු ඇඳුමක් ඇඳීම අනිවාර්යය වනු ඇත.

අනවශ්‍ය ලෙස බය වෙන්න වත් කලබලවෙන්න වත් එපා. එයින් රථය හැසිරවීමට ඇති ඔබේ හැකියාව නිසැකවම යටපත් වනු ඇති. තමන් පිළිබඳ විශ්වාසයක් තබාගන්න.

මෝටර් රථ පරීක්ෂකවරයා සමග වාහනයට නැගුනු පසුව, ඉතාම හොඳින් සිහි නුවනින් හැසිරෙන්න.

ගමන ඇරඹීමේදී පළමුව රියදුරු අසුන ඔබට සරිලන පරිදි සකසා ගන්න. ආසන පටි, සිග්නල්, හෑන්ඩ් බ්‍රේක් ආදිය ගැන සැලකිලිමත් වෙන්න.  

Thursday, May 9, 2013

ශ්‍රී ලාංකේය මෝටර් රථ ඉතිහාසය



ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය විසින් යටත් විජිතයක් ලෙස පාලනය කරනු ලැබූ 
අවධියේ වතු පාලකයින් හා බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මෙරට සේවය කළ 
ඉහල නිලධාරීන් විසින් මෝටර් වාහන ප්‍රථම වරට මෙරටට ගෙන එන 
ලදී. ඒවා ධාවනය කිරීම සඳහා වතු අධිකාරී වරුන් හා වෙනත් ඉහල 
නිලධාරීන් විසින් හැකියාවන් පරීක්‍ෂා කර බලා රියදුරන් යොදවා 
ඇත.
ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයකු විසින්  මෝටර් රථයක් මෙරටට 
ආනනය කරන ලද්දේ 1902 වර්ෂයේදීය. ඊ.එල්.එෆ්. ද සොයිසා විසි
න් ඕල්ඩ්ස්මොබයිල් (OLDSMOBILE) වර්ගයේ එම මෝටර් රථය 
ගෙන්වන ලදී. 


මෙසේ ක්‍රමයෙන් ලංකාවේ මෝටර් රථ ප්‍රමාණය ඉහලයත්ම ඒවා 
ලියාපදිංචි කිරීමේත්, රියදුරු බලපත් නිකුත් කිරීමේත් අවශ්‍යතාවය 
ඇතිවිය. මේ අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් 1916 අංක 14 දරන පනත 
මඟින් පොලිස්පති යටතේ වාහන ලියාපදිංචි කිරීම හා රියදුරු බලපත් 
නිකුත් කිරීම ආරම්භ කරන ලදී.
අනුක්‍රමයෙන් ඉහල ගිය මෝටර් රථ 
ගමනාගමනය පිළිබඳව සොයා බැලීමට වර්ෂ 1925 දී රජය විසින් 
කමිටුවක් පත් කළ අතර මෙම කමිටුවේ නිර්දේශ අනුව 1927 අංක 20 
දරණ මෝටර් කාර් ආඥා පනත නීතිගත කරන ලදී. 
මෙම පනත යටතේ, 
1928 ජනවාරි 01 දින මෝටර් රථ රෙජිස්ට්‍රාර් වරයකු යටතේ මෝටර් 
රථ රෙජිස්ට්‍රාර් කාර්යාලය ආරම්භ විය. මෙම කාර්යාලයේ කටයුතු 
වූයේ; මෝටර් රථ හා රියදුරන් ලියාපදිංචි කිරීම හා වාර්ෂික ආදායම් 
බලපත්‍රය නිකුත් කිරීමට පෙර කුලී කාර් සහ ලොරි පරීක්‍ෂා කිරීමයි. 

අලුත්ම තොරතුරු




**රියදුරු බලපත්‍රය ලබාගැනීමේ ලිඛිත පරීක්ශණය සඳහා ලබාදෙන 

ප්‍රශ්න පත්‍ර  සංශෝධනය කර, නව ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍ර , මෝටර් රථ 

ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.





**විදුලි බලයෙන් සහ විදුලි බලය සමඟ පෙට්‍රල් හෝ ඩීසල් වලින්

 ධාවනය කරන වාහන (Electrical and Hybrid Vehicle)සඳහා 

වාර්ෂික ආදායම් බලපත්‍රය නිකුත් කිරීමේදී වායු විමෝචන සහතිකය 

ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇත.

නව වාහන අංක ක‍්‍රමයක්, අවශ්‍ය නම් අයිතිකරුගේ නමත් වාහනයේ අංකයට






ලබන ජූලි මාසයේදී නව වාහන අංක ක‍්‍රමයක් හඳුන්වාදී තමන් කැමැති නමක කොටසක්ද අංක තහඩුවට එක් කර ගැනීමේ අවස්ථාවක් සලසා දීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සැරසෙයි.

වාර්තා වන අන්දමට තමන් කැමැති නමක් හා අංකයක් ද සහිත අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් අය කෙරෙනු ඇත.

මෙම නම් කොටස එක් කරන්නේ ඉංග‍්‍රීසි අක්ෂර තුනකින් හා ඉලක්කම් හතරකින් සමන්විත වන නව ලියාපදිංචි අංකයට අමතරව බවද මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයකු පැවසුවේ මේ වනවිට ත‍්‍රිරෝද රථ AAE අංක තහඩු ඔස්සේ ද, යතුරු පැදි AAB අංක තහඩු ඔස්සේ ද, මෝටර් රථ AAC අංක තහඩු ඔස්සේ ද නිකුත් කෙරෙන අතර රුපියල් 50,000 ක මුදලකට තමන් කැමති අංක තහඩුවක් ලබා ගැනීමේ අවස්ථාව පවතින බවය. තවද එම අංකය ඉදිරියට යන පිළිවෙළට රුපියල් දස දහස බැගින් එම රුපියල් පනස්දහසට එක්වන බවද හෙතෙම පැවසීය.
ජූලි මසදී හඳුන්වා දෙන නව අංක තහඩු පෙළ යටතේ වාහන ලක්ෂ 64 ක් පමණ ලියාපදිංචි කිරීමට හැකි වෙතැයි කියැවේ.